
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන ව්‍යාපාරයේදී පාසල් පරිශ්‍ර දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂණවලදී අධ්‍යාපන ආයතන කිහිපයකින්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ මදුරු කීටයන් සොයාගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරන ලද තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනයේදී සිදුකළ පරීක්ෂණවලදී පාසල් හතක තිබී ඩෙංගු මදුරු කීටයන් හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ දත්තවලින් හෙළිවේ.
එහිදී පාසල් 56ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් තුනෙන් එකකම පාහේ මදුරුවන් බෝවීමට හිතකර වටපිටාවක් පැවතීම සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් ඇති කිරීමට හේතු වී තිබේ.
දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 72ක් කේන්ද්‍ර කර ගනිමින් ජුනි 8 වැනිදා ආරම්භ වූ මෙම දීපව්‍යාප්ත මෙහෙයුමේ පළමු දිනයේදී පරිශ්‍ර 31,196ක් පරීක්ෂාවට ලක්කෙරිණි.
එහිදී මදුරුවන් බෝවීමට ඉඩකඩ ඇති ස්ථාන 8,121ක් බලධාරීන් විසින් හඳුනාගත් අතර, පරිශ්‍ර 2,097ක තිබී ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන ඇත.
පාසල්වලට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘති, කර්මාන්තශාලා සහ නේවාසික ප්‍රදේශ ද මෙම පරීක්ෂාවට ලක්කර තිබේ.
මෙහිදී ඉදිකිරීම් බිම් ද තවත් ප්‍රධාන අවදානම් ප්‍රභවයක් ලෙස හඳුනාගෙන තිබේ.
පරීක්ෂාවට ලක්කරන ලද ඉදිකිරීම් බිම් 178න් 93කම මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පැවති අතර ස්ථාන 41කින් කීටයන් සොයාගෙන ඇත.
ඒ අනුව එම ස්ථාන භාරකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
පරීක්ෂාවට ලක්කළ රාජ්‍ය ආයතන 189 අතරින් ආයතන 50ක ඩෙංගු කීටයන් සිටි බව තහවුරු වූ අතර, තවත් ආයතන 70ක් අධි අවදානම් මදුරු බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.
එමෙන්ම, ආගමික ස්ථාන 96ක් පරීක්ෂා කිරීමේදී ස්ථාන 18කින් කීටයන් හමුවූ අතර, තවත් පින් බිම් 42ක් මදුරුවන් බෝවීමට ඉඩකඩ ඇති ස්ථාන ලෙස සලකුණු කෙරිණි.
මේ අතර පරීක්ෂාවට ලක් කෙරුණු කර්මාන්තශාලා 77න් 17ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව අනාවරණය වී තිබේ.
මෙම මෙහෙයුමේදී වැඩි වශයෙන්ම පරීක්ෂාවට ලක්ව ඇත්තේ නේවාසික පරිශ්‍රයන් වන අතර, නිවාස 28,230ක් පරීක්ෂා කර තිබේ.
එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත නිවාස 7,088ක් හඳුනාගෙන ඇති අතර, නිවාස 1,760කින් කීටයන් සොයාගෙන ඇත.
ඒ අනුව නිවැසියන් 657 දෙනකුට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කර ඇත.
වැඩසටහනේ පළමු දිනය තුළදී පමණක් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අපොහොසත් වූ පුද්ගලයන් සහ ආයතනවලට එරෙහිව රතු නිවේදන 1,165ක් නිකුත් කර ඇති අතර, පුද්ගලයන් සහ ආයතන 789කට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart