
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොල්ලුපිටියේ තරුපහේ හෝටලයක 11 වැනි මහලේ බලපත්‍ර නොමැතිව මැණික් වෙන්දේසියක් පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස්දෙනෙක් රුපියල් කෝටි ගණනක මැණික් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලුපිටිය පොලිසිය හා ස්වර්ණාභරණ අධිකාරිය එක්ව මෙම වැටලීම සිදු කරනවිට චීන ජාතිකයන් දෙපිලකට බෙදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා අලෙවි කිරීමේ නිරතව සිට තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා අලෙවිය සඳහා මෙම හෝටලයේ 11 වැනි මහලේ දේශන ශාලාව කුලී පදනම මත ලබාගෙන ඇතැයි එහිදී අනාවරණය වී ඇත.
මෙම මැණික් ප්‍රදර්ශනය සඳහා වෙළෙඳ බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් එහි තිබූ රුපියල් කෝටි ගණනක මැණික් මුද්‍රා කර ස්වර්ණාභරණ අධිකාරිය භාරයට ගෙන ඇත.
මෙහිදී මැණික් වෙළෙඳාමට එක්ව සිටි චීන ජාතික කාන්තාවක් ඇතුළු පස්දෙනෙක් වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනයවන අයුරින් රැඳී සිටින බව වීසා බලපත්‍ර පරික්ෂාවේ දී අනාවරණය වී තිබේ.
ඒ අනුව මෝ පීපෙට්, මා වියෝ, සූඕ, ෂිචෙන්ජ්, ගූ වෙයි, ලි කයිලියානු (mo peipet, ma viao, zuo, shichenge, gou wei, li cailianu) යන චීන ජාතිකයන් අත්අඩංගුවට ගෙන ආගමන විගමන නිලධාරීන් විසින් වැලිසර රැඳවුම් කඳවුර වෙත රැගෙන ගොස් ඇත.
(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart