
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය මූල්‍ය කප්පාදුව මධ්‍යයේ මහ බැංකුව විසින් සිය සේවකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද ඉහළ වැටුප් වැඩිවීම අහෝසි කළ හැකිද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවට උභතෝකෝටික ප්‍රශ්නයක පැටළී සිටින බව වාර්තා වේ.
තුන් අවුරුදු වැටුප් සංශෝධනය යටතේ මහ බැංකුව පසුගියදා සිය සේවකයන්ගේ වැටුප් සියයට 29.53 සිට සියයට 79.97 දක්වා අනුපාතයකින් වැඩි කිරීමට පියවර ගෙන තිබිණි.
එය සිදුවූයේ මුල්යමයගැටලු මත රජය සියලුම රාජ්‍ය ආයතනවල වියදම් පිරිමැසිය යුතු බවට උපදෙස් දී තිබූ අවස්ථාවකදීය.
එම වැටුප් වැඩිවීමත් සමඟ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකුගේ මාසික වැටුප රුපියල් 974,965 සිට රුපියල් මිලියන 1.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අධික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පුළුල් විවේචන එල්ල වීමෙන් පසුව, මහබැංකුව කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන බවයි.
2024.02.21 දින පැවති පාලක මණ්ඩලය රැස්වීමේදී තීරණය වී තිබුණේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාරව මහ බැංකුව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව සමඟ සන්නිවේදනය කරනු ලබන්නේ මුදල් ඇමැතිවරයා හරහා බැවින් වැටුප් වැඩිකිරීමේ මෑත කාලීන ක්‍රියාවලිය හා තාර්කිකත්වය පිළිබඳ සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන ලෙස ක්‍රියා කරමින් මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයා 2024.02.22 දින ලිඛිත ඉල්ලීමක් කරමින් සඳහන් කළේ ඉල්ලා සිටින අවස්ථාව ලබා දීමෙන් පසු හෝ තොරතුරු සඳහා ඉල්ලීමක් ලැබුණු පසු සිය ස්ථාවරය පැහැදිලි කිරීමට සුදානම් බවයි
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ව්‍යාපාර කාරක සභාව ඊයේ තීරණය කළේ මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් මාර්තු 5 වැනිදා කැඳවීමටයි.
සමහර මන්ත්‍රීවරුන් තර්ක කරන්නේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් වන අතර පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නීතියකට අනුව එයට පැවරී ඇති බලතල භුක්ති විඳීම නිසා පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් කළහැකි දෙයක් නැති බවයි.
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තවත් කොටසක මතය වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තීරණය කිරීමේ තනි අභිමතය පාර්ලිමේන්තුව සතු බැවින් මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart