
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවිස්සාවේල්ල, තුමෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ ඊයැදුරා රියැදුරු බලපත්‍රයක් නොමැතිව බස් රථය ධාවනය කර ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත.
බීමත්ව රිය පැදවීමේ චෝදනාවට පොලිසිය මීට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී අධිකරණය ඔහුගේ රියැදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවා තිබියදීත් ඔහු මෙලෙස රියැදුරු බලපත්‍රයක් නොමැතිව බස් රථ ධාවනය කර ඇති බවද පොලිසිය කියයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේ සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බවය.
එහිදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නකු බව අනාවරණය වූ බවත් ඒ අනුව වෛද්‍යවරයා පවසා ඇත්තේ මොහු කිසිම අවස්ථාවක රථයක් පැදවීමට නුසුදුස්සෙක් බවත්ය.
සිද්ධිය වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් විශාල පිරිසක් සිට ඇති අතර මගීන්ගේ ජීවිතද නොතකා මොහු පැදවූ බස් රිය දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය කර තිබීම හේතුවෙන් මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවද ඔහුට එල්ල කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව කී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලබන 14 වැනිදා දක්වා මොහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් කීවේය.
රත්නපුර – කොළඹ මාර්ගයේ ධාවනය වූ බස් රථය තුම්මෝදර ප්‍රදේශයේදී අධික රථ වාහන තදබදයකට හසුව ඇති අතර ඒ මොහොතේ සැකකරු සිය බස් රථය අන්තරාදායක ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කර තිබේ.
එම අවස්ථාවේ එම මාර්ගයේ දුම්රියක් ධාවනය වූවේ නම් අනිවාර්යයෙන් එය බස් රියේ ගැටෙන බවත් එහිදී බස් රියේ මගීන්ගේ ජීවිතවලට හානි සිදුවන්නට ඉඩ තිබූ බවත් කියන පොලිසිය, සිද්ධිය වූ ඉකුත් 2 වැනිදා අධික වර්ෂාව සහ සුළං තත්ත්වය නිසා දුම්රිය ධාවනය නොවූ බවත් පොලිසිය සඳහන් කළේය.
සූරියවැව සිට කොළඹ දක්වා ධාවනය වූ මගී බස් රිය දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා ආකාරය වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු විමර්ශනයක් ඇරැඹුණු අතර සැකකාර රියැදුරා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් ඇල්ලීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක බව පොලිසිය කියයි. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart