
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ ගමන් තහනම නොතකා රටින් පළායෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී
ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (27දා) සවස නියෝග කළේය.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සිදු වී ඇතැයි කියන මහා පරිමාණ වංචා දුෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිවරාජාට, විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිණි.
එම නියෝගය නොතකා ඔහු ඊයේ (27දා) අලුයම 1.00ට පමණ හොර රහසේ රටින් පළායෑමට උත්සාහ කරද්දී, ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව හෙතෙම කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාරදීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් වංචා විමර්ශන අංශය වෙත භාරදී තිබිණි.
එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
ගෝබිතාත් සිවරාජා යනු දැනට විමර්ශනය කෙරෙන ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයන් රැසක් අතර සිටි ප්‍රධාන සැකකරු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart