
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ වත්මන් වර්ධනයන් පිළිබඳව මෙරට රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට අයත් තානාපතිවරුන් සහ මහ කොමසරිවරුන් පිරිසක් සමග සාකච්ඡාවක් ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී කැඳවා ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි යන අය මෙම හමුව අමතා තිබේ.
දේශීය හා අන්තර්ජාතික පාර්ශ්වකරුවන් විසින් ප්‍රකාශ කරන ලද අදහස් සහ උත්සුකයන් සැළකිල්ලට ගනිමින් සිවිල් සමාජය ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව 2022 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සංශෝධනය කළ බව ඇමැති අලි සබ්රි එම අවස්ථාවේ දී සඳහන් කර ඇත.
යෝජිත සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, එය නැවත ගැසට් කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙක්ට ව්‍යවස්ථාපිතභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.
එමෙන්ම නව කෙටුම්පත මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීමට අපේක්ෂා කරන අතර, එයට මරණ දණ්ඩනය ඇතුළත් නොවන බවත්, රඳවා තබාගැනීම පුරාවටම අධිකරණ අධීක්ෂණය සහතික කරනු ඇති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් පුල්ලේ මෙහිදී සඳහන් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පසුකාලීන ක්‍රියා පටිපාටිවලට යටත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart