
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරිය පෙර දැනුම්දීමකින් තොරව රෝහලෙන් පිටව යෑම හේතුවෙන් සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිතාරක්ෂක සැත්කම් සියල්ල නතර කර ඇති බව වාර්තා වේ.
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උදයන්ති නානයක්කාර පසුගිය සිකුරාදා දින සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහල් කළමනාකාරීත්වය ඇයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගෙන තිබුණ ද එය අසාර්ථක වී තිබේ.
එහෙත් සඳුදා දින නාදුනන දුරකථන අංකයක් හරහා වට්සැප් පණිවිඩයක් තුළින් වෛද්‍ය උපදේශකවරියගේ දෙමව්පියන් දන්වා ඇත්තේ නැවත වෛද්‍යවරිය සේවයට වාර්තා නොකරන බවයි.
වෛද්‍යවරිය පිළිබඳ රෝහලේ නිළධාරීන් විමසා සිටිය ද ඇයගේ දෙමව්පියන් කිසිදු නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැති හෙයින් ඇය විදේශගත වූවාද නැද්ද යන්න තවමත් අනාවරණය කර ගෙන නොමැත.
ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කටයුතු මේ වන විට අඩාලව ඇති අතර සිසේරියන් ඇතුළු සංකීර්ණ ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය රෝගීන් රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත යොමු කරන බව රෝහල වාර්තා කරයි.
ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයේ මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු අවශ්‍ය වූවද මාස තුනක පමණ කාලයක් එම තනතුර පුරප්පාඩු වී තිබීම නිසා වෛද්‍ය උදයන්ති නානායක්කාර මීට මාස දෙකකට පෙර එම තනතුරට එක් වී ඇත.
මෙම සිදුවීම පිළිබඳ රෝහල් කළමනාකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුවත් කර ඇති බව ද සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart