
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පිරිහීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.
මේ හේතුවෙන් ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන ගැටලු ඇති පුද්ගලයන් වැනි අවදානමට ලක්විය හැකි ජනගහනයට මෙමගින් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම කෙරෙහි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවධානය යොමු වී ඇත.
එම සංවිධානය ප්‍රකාශ කළේ මෙම වායු ගුණාත්මකභාවය පහත වැටීමට හේතුව සුළං ධාරා මගින් ගෙන යන බාහිර දූෂක ද්‍රව්‍ය බවයි.
පූර්වාරක්ෂක පියවර ලෙස මුහුණු ආවරණ පැළඳීමට එම සංවිධානය නිර්දේශ කරයි.
එසේම එළිමහනේ කාලය ගතකරන කාලය සහ ශ්වසන අපහසුතා ඇති අය විවෘත පරිසරයේ ගත කරන කාලය සීමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත් බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart