
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොරි රථයක ගැටීමෙන් පසු අතහැර දමා ගිය 83 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අදාළ ලොරි රථයේ රියදුරු පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය සෙනසුරාදා පූගොඩ, දංගල්ල ප්‍රදේශයේදී ලොරි රථ රියැදුරු විසින් එම ජ්‍යෙෂ්ඨ පුරවැසියා ප්‍රතිකාර සඳහා රැගෙන යන මුවාවෙන් එම පුද්ගලයා රැගෙන ගොස් මාර්ගය ආසන්නයේ බිම දමා ගොස් ඇති බව වාර්තා වේ.
අනතුර සිදු වූ ස්ථානයට මීටර කිහිපයක් දුරින් සැකකරු, තුවාල ලබා සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියා අතහැර යන අයුරු CCTV කැමරා දර්ශනවල දැක්වේ.
අනතුරින් තුවාල ලැබූ 83 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සැකකරු සොයා පූගොඩ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ අතර පසුව ඔහු ලොරි රථය සමඟ පන්නිපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart