
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැත්තා ලබන 07 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා ලෙස තමන්ව හඳුන්වාගත් සැකකරු, ඉකුත් අගෝස්තු 14 වනදා කොළඹ පිහිටි හෝටලයක ජනමාධ්‍ය හමුවක් පවත්වමින් මෙම මුළුමනින්ම අසත්‍ය වූ ප්‍රකාශය සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පහත කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය:
– සැකකරු ජාතික හැඳුනුම්පත් 03ක් තබාගෙන ඇති අතර, තවත් ව්‍යාජ ලේඛන රාශියක් සකස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
– කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු විසින් තමන්ට මෙම තොරතුර ලබාදුන් බව සැකකරු පවසා තිබුණද, අදාළ නිලධාරියාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බව තහවුරු වී ඇත.
–
– සැකකරුගේ දුරකථන වාර්තා සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමටත්, ව්‍යාජ හැඳුනුම්පත් භාවිතය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමටත් ඇති බව පොලිසිය පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart