
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන ඔක්තෝබර් 1 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත 5 වන වාරයේ ‘DP World ILT20’ තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා කෙටිලැයිස්තුගත කර ඇති ක්‍රීඩකයන් අතරට වනිඳු හසරංග, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වී තිබේ.
එහිදී වනිඳු හසරංග සහ දසුන් ශානක ඇමෙරිකානු ඩොලර් 80,000 මූලික මිල කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ඇමෙරිකානු ඩොලර් 40,000 කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර ඇත.
රටවල් 23 කින් පැමිණි ක්‍රීඩකයන් 400 කට වැඩි පිරිසක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
වෙන්දේසියට පෙර සිදුකරන ලද ක්‍රීඩකයන් අත්සන් කරගැනීම් වලින් ඉතිරි වූ මුදල් ද ඇතුළුව තරගාවලියට එක්වන කණ්ඩායම් 6 න් සෑම කණ්ඩායමකටම අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදල් පසුම්බියක් හිමිවනු ඇත.
5 වැනි වාරයේ ILT20 තරගාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 20 දක්වා අබුඩාබි, ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart