
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිටින රෝගී තායි ඇතකුවන සක් සූරීන් පැය හයක ගුවන් ගමනකින් පසු තායිලන්තයේ චියැං මායි වෙත රැගෙන යෑම පිළිබඳ අවසාන තීරණය ජුනි 28 වැනිදා ගන්නා බව තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
තායිලන්ත පශු වෛද්‍යවරුන් සහ ඇත්ගොව්වන් දෙදෙනෙක්ගෙන් සමන්විත භාරකාර කණ්ඩායමක් ජුනි 09 වැනිදා මෙරටට පැමිණි මොහෙතේ සිට ඇතා ආපසු තායිලන්තය වෙත රැගෙන ඒමට සූදානම් බව ඇමැති Varawut Silpa-archa සඳහන් කරයි.
2001 වසරේ තායිලන්තය විසින් දකුණු ආසියාවට ත්‍යාග ලෙස යවන ලද ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන්නේ සක් සූරීන් ය.
සත්ව හිමිකම් සහ පරිසරය සඳහා වූ සංවිධාන විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව, මෙම ඇතා වසර ගණනාවක් තිස්සේ හිරිහැර විඳ තිබේ.
ඇතා නැවත තායිලන්තයට රැගෙනයෑම සම්බන්ධයෙන් තමා සහ භාරකාර කණ්ඩායම ජුනි 28 වැනිදා අවසන් තීරණයක් ගත් පසු, සියල්ල යහපත් අයුරින් සිදුවුවහොත්, ජූලි 02 වැනිදා සක් සූරීන් චියැං මායි ගුවන් තොටුපළට රැගෙන පැමිණෙනු ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.
ගුවන් ගමනින් පසු ඇතාගේ තත්ත්වය අනුව චියැං මායි සත්වෝද්‍යානයේ හෝ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 14ක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart