
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය විසින් නැවතත් මුතුරාජා හස්තියාව ශ්‍රී ලංකාවට ලබානොදෙන බවට තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු ඉඟි පළකර තිබේ. රජු දැනුම්දී ඇත්තේ මෙම හස්තියාට සිය පෞද්ගලික අනුග්‍රහය ලබාදෙන බවයි.
ශ්‍රී ලාංකික බෞද්ධ සංවිධාන කිහිපයක් තායිලන්ත රජයෙන් මුතු රාජා ඇතා ආපසු එවන මෙන් ඉල්ලා ඇති නමුත්, තායිලන්ත ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය Varawut Silpa-archa විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, හස්තියා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු බවයි.
තායිලන්ත රජ පවුලේ සුහදතාවයේ සලකුණක් ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පාලන සමයේ ශ්‍රී ලංකාවට පිරිනැමූ මුතු රාජා, අලුත්ගම කන්දේ විහාරය බෞද්ධ විහාරස්ථානය භාරයේ රඳවා තිබිණි.
එහිදී ඇත්ගොව්වා යටතේ දැඩි හිංසාවලට ලක්වීම නිසා තායිලන්ත තානාපතිවරයාගේ ඉල්ලීම පරිදි මුතු රාජා දෙහිවල සත්වෝද්‍යානයට මාරුකර යැවීමට කටයුතු කළ නමුත්, ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හේතුවෙන් ඇතා නැවත තායිලන්තයට යැවීමට තීරණය කර ඇත.
තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් “සුහදතාවයේ තානාපතිවරුන්” ලෙස විවධ රටවලට යවන ලද බොහෝ තායි අලි ඇතුන්, බහුතරයක් රටවලදී හොඳින් රැකබලා ගන්නා බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart