
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාවේ නව ක්රිකට් තේරීම් කමිටුව විසින් ක්රිකට් තරග මාදිලි 03 (ටෙස්ට්, එක්දින සහ විස්සයි20) සඳහා නායකයන් තිදෙනකු පත් කිරීම පිළිබඳව සළකා බලමින් සිටින බව වාර්තා වේ.
උපුල් තරංගගේ ප්රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පසුගියදා රැස්වී එම ආකෘති තුන සඳහා නායකයන් තිදෙනකු නම් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ගවලට අනුව, දිමුත් කරුණාරත්නගෙන් ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වා විසින් භාරගැනීමට අපේක්ෂා කරන අතර, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග පිළිවෙලින් එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් සඳහා නායකත්වය ලබාදීමට නියමිතය.
ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර විස්සයි 20 සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.
සිම්බාබ්වේ එක්දින සහ T20I තරඟාවලිය සඳහා වන සංචිතය අවසන් කිරීම සඳහා තේරීම් කමිටුව ලබන සතියේ රැස්වන විට අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart