
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද්ධයේදී ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන් සමූලඝාතනය කළ බව පවසමින්, කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාව විසින් ඔවුන් සිහිපත් කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
ටොරොන්ටෝහි ‘බ්‍රැම්ප්ටන්’ නම් නාගරික ප්‍රදේශයේ මෙම ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු විය.
ශ්‍රී ලංකාවේ විරෝධය නොතකා, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් අහිමි වූ ජීවිත සැමරීම සඳහා මෙම ස්මාරකයක් ඉදිකිරීමට බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් අවසර ලබා දී ඇති බව වාර්තා සඳහන් කරයි. එය ශ්‍රී ලාංකික දෙමළ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයකි.
ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ, එවැනි ස්මාරකයක් වෙනත් නගර සභාවකට අයත් බල ප්‍රදේශයක ඉදිකරන ලෙස ඉල්ලීමක් කළ නමුත් බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බවයි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart