
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
තඹුත්තේගම මුලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර, ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අදහස් කරන බවත්, රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සිදුකිරීම සදහා රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා මෙහි දී වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි වෙත උපදෙස් ලබාදෙන ලදී.
විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවකයා දක්වා සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම් හිගයක් රෝහල තුළ පවතින බැවින් ඉදිරියේ දී පුහුණු අවසන් කරන කාර්ය මණ්ඩලවලින්, බඳවාගැනීමට නියමිත නවක කාර්යමණ්ඩලවලින් සහ විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණෙන වෛද්‍යවරුන්ගෙන් යම් සංඛ්‍යාවක් මෙම රෝහලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.
මහවැලි ව්‍යාපාරයේ ආරම්භයත් සමග 1986 වර්ෂයේ දී ස්ථාපිත කරන ලද තඹුත්තේගම මූලික රෝහල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත මූලික රෝහල් හය අතුරින් ඒ ශ්‍රේණියේ එකම මූලික රෝහල වේ.
රෝහලේ ඇඳන් ධාරිතාවය 240ක් වන අතර වර්තමානය වන විට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණය 400 කට ආසන්න වේ.
පසුගිය වසරේ දී බාහිර රෝගී අංශයෙන් සහ සායනවලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති රෝගීන් ගණන එක් ලක්ෂ පනස්දහසකට ආසන්නය.
එමෙන්ම සාමාන්‍ය සැත්කම් 4500කට අධික ප්‍රමාණයක් ද, සංකීර්ණ සැත්කම් දහසකට ආසන්න ප්‍රමාණයක් ද පසුගිය වසර තුළ සිදුකර ඇත.
දිනකට බාහිර රෝගී අංශයෙන් 850කට ආසන්න ජනතාවක් ප්‍රතිකාර ලබාගන්නා අතර යම් අවස්ථාවන්වල දී ඇඳන් ධාරිතාවය ඉක්මවා ද රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබාගනී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart