
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙරළිකාර ජයග්‍රහණයක් සමඟින්, දක්ෂ හා උද්‍යෝගිමත් ශ්‍රී ලාංකික-ඇමරිකානු යෞවනියක් වන ටාලියා පීරිස්, 2023 වසරේ කැලිෆෝනියා ‘ටීන් යූඑස්ඒ'(Miss California Teen USA 2023) රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය.
මෙම යොවුන් රූ රැජිණ, ඇයගේ කැපී පෙනෙන නිර්භීතකම සහ කැපවීම සමඟින්, මෙම කිරුළට හිමිකම් කී පළමු ශ්‍රී ලාංකික-ඇමරිකානු තරුණිය බවට පත්ව ඇත.
“අද මට නව කැලිෆෝනියා රූ රැජිණ ටාලියා පීරිස් මුණගැසුණා. එම කිරුළ පැළඳගත් පළමු ශ්‍රී ලාංකික-ඇමරිකානු යෞවනිය ඇයයි. ටාලියා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර කලාවේ සහ ඉන් ඔබ්බෙහි සබඳතා ගොඩනඟා ගැනීමට ඇගේ වේදිකාව භාවිතා කරයි. ඇය අපගේ ඇමරිකානු මධ්‍යස්ථානයේ තරුණ තරුණියන්ට ආස්වාදයක් ලබාදුන් අතර, මෙම නැගීම ඔස්සේ ‘මිස් ටීන් ඇමරිකා’ කිරුළද ජයග්‍රහණය කිරීමට මම ඇයව රැගෙන ගන්නෙමි.” යැයි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart