
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඩු ගොනුවක ලේඛනයක් කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට චෝදනා එල්ලවූ නීතිඥවරියකට එරෙහි නඩුව අවසන් වනතුරු ඇයගේ නීතිඥාභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.
වසර 12ක කාලයක් නීතිඥ වෘත්තියේ යෙදුණු විත්තිකාර නීතිඥවරිය කළ ක්‍රියාව බරපතළ ක්‍රියාවක් වශයෙන් සැළකිව යුතු යැයි නීතිඥවරියගේ නීතිඥාභාවය අත්හිටුවමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය පැවැසීය.
වෘත්තීය ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ඉදිරිපත් කර ඇත.
මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිනි.
කැකිරාව අධිකරණයේ කාර්යාලයේ තිබූ ලේඛනයක් බලහත්කාරයෙන් ලබාගෙන කටේ දමා හපා විනාශ කර නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට නීතිපතිවරයා ඇයට චෝදනා ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart