
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය මත පවතින රඳා පැවැත්ම අවම කිරීම සඳහා නව කැණීම් උපායමාර්ගයක අවශ්‍යතාව පෙන්වා දෙමින්, ස්වීඩන රජය විසින් අත්‍යවශ්‍ය ලෝහ සහ විරල ඛණිජ කැණීමේ කටයුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ප්රමුඛ කරුණක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
පිරිසිදු බලශක්ති උත්පාදනය, ආරක්ෂක ක්ෂේත්රය සහ විද්‍යුත් වාහන (EV) නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන විරල මැටි ඛණිජ කැණීම මෙන්ම ඒවා පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේ වැඩි බලය දැනට පවතින්නේ චීනය සතුවයි.
එමෙන්ම, වොෂින්ටනය (ඇමෙරිකාව) සමඟ පවතින වෙළඳ යුද්ධයේදී මෙන්ම වෙනත් විදේශීය මතභේදවලදී ද සිය අපනයන පාලනයන් ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කිරීමට බීජිං පාලනය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, ස්වීඩනය සතුව ද විශාල ඛණිජ සම්පත් ප්‍රමාණයක් පවතින අතර, LKAB සමාගමට අයත් කිරූනා (Kiruna) පතල ආසන්නයේ පිහිටි ‘පෙර් ගෙයියර්’ ඛණිජ නිධිය, චීනය මත පවතින රඳා පැවැත්ම අඩු කිරීම සඳහා යුරෝපීය සංගමය ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
සමස්ත ඛණිජ සම්පත් ටොන් බිලියන 1.2 ක් සහ විරල මැටි ඔක්සයිඩ ටොන් මිලියන 2.2 ක් අන්තර්ගත පෙර් ගෙයියර් නිධිය යුරෝපයේ අනාගත අවශ්‍යතාවලට අතිශය තීරණාත්මක වේ.
ඛනිජ කැණීම් කටයුතු ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මඟින් සැලසුම් සකස් කිරීම සහ අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වන අතර, එය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ද උපකාරී වන බව ස්වීඩනයේ ව්‍යවසාය අමාත්‍ය සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය එබා බුෂ් පැවසුවාය.
මාධ්‍ය හමුවක් අමතමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, “මෙම පියවර මඟින් ස්වීඩනයේ, යුරෝපීය සංගමයේ මෙන්ම නේටෝ (NATO) සංවිධානයේ ආරක්ෂක හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට දායක විය හැකි බවයි.” එමෙන්ම, යුරෝපීය කර්මාන්ත ක්ෂේත්රය චීනය මත යැපීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart