
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නීති සම්පාදක මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වන වෛද්‍ය කව්වම්පල්ලි සත්‍යනාරායන ට සහ ඔහුගේ පුතුට පහරදුන් බවට චෝදනා ලැබූ සැකකරුවකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නීතිඥවරයෙකු මාර්ගයෙන් වැලිගම පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් පවසයි.
සැකකරු අද (9) දිනයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සහකාර පොලිස් අධිකාරී වූට්ලර් වැඩිදුරටත් සඳහන් කරයි.
මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පුතුට වැලිගම, පැලෑන හන්දිය අසලදී පහරදී ඇති අතර, සිදුවීමෙන් පසු සැකකරු යතුරුපැදියකින් පළාගොස් ඇති බව වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ පුතු පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
සිදුවීමට හේතුවූ පසුබිම සහ පහරදීමට මුල්වූ හේතුව සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වෛද්‍ය කව්වම්පල්ලි සත්‍යනාරායන තෙලන්ගානාහි කරිම්නගර් දිස්ත්‍රික්කයේ මානකොණ්ඩූර් කොට්ඨාසය නියෝජනය කරන කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart