
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු කොටිකාවත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.
2022 අගෝස්තු 2 වැනිදා මුල්ලේරියාව පොලිස් කොට්ඨාසය තුළ මුල්ලේරියාව රෝහල අසලින් මෙම සිද්ධිය වාර්තා වී තිබිණි.
සිද්ධිය පිළිබඳ විමර්ශනවලින් පසුව, බස්නාහිර පළාත් දකුණු දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.
විමර්ශනයේදී ලැබුණු තොරතුරුවලින් හෙළි වී ඇත්තේ සැකකරු වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් ප්‍රවාහනය කළ යතුරුපැදිකරු ලෙස ක්‍රියාකර ඇති බවයි.
මාලබේ තලාහේන ප්‍රදේශයේදී ඊයේ (25) ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ද ඔහු සතුව තිබී පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
සැකකරු තලාහේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart