January 31, 2026

නීතිවිරෝධී ලෙස එකතු කරන ලද කැස්බෑ බිත්තර 117ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ත්‍රිකුණාමලය, කල්ලඩිචේනයි වෙරළබඩ ප්‍රදේශයේ ජනවාරි 28 වැනිදා සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑ බිත්තර ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර වනජීවී කාර්යාලයට භාර දී ඇති බව නාවික හමුදාව පවසයි.