
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේට අත්අඩංගුවේදී සිදුවන සැලකීම් සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මතුකරන ලද කරුණු අතිශය කණගාටුදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
තම ‘X’ (ට්විටර්) ගිණුමේ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටින්නේ, මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව හඬ නැඟූ ක්‍රියාකාරීන් මේ මොහොතේ මෙතරම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්ද යන්නයි.
සුරේෂ් සලෙයි රඳවා තබාගෙන ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් නියෝගයක් මත නොව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව පෙන්වාදෙන නාමල් රාජපක්ෂ, “මෙහි ඇති වඩාත්ම කැපීපෙනෙන කරුණ නම්, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව උද්ඝෝෂණ කළ ක්‍රියාකාරීන්ගේ නිහඬතාවයි. ඔවුන්ගේ මෙම හදිසි නිහඬතාවය, ඔවුන්ගේ ප්‍රතිපත්තිගරුකභාවය සහ ස්ථාවරභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුකරන්නක්” යැයි පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටු විය යුතු බව සැවොම පිළිගන්නා නමුත්, එය පක්ෂග්‍රාහීත්වයෙන්, දේශපාලන බලපෑම්වලින් හෝ තේරීම් පදනමකින් තොරව ඉටුවිය යුතු බව ඔහු අවධාරණය කරයි.
විමර්ශන ක්‍රියාවලිය සත්‍යය සෙවීම වෙනුවට දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම් වුවහොත්, එය සැබෑ යුක්තිය පසඳලීමක් බලාපොරොත්තුවෙන් සිටින වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදුකරන ද්‍රෝහිකමක් බව ද ඔහු සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මඟින් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ නොසලකා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පැහැදිලිව හඳුනාගෙන ඇති බව පවසන නාමල් රාජපක්ෂ, උත්ප්රාසාත්මක කරුණ නම් එම සොයාගැනීම්වලට සෘජුවම සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ම අද වන විට මෙම විමර්ශනවලට නායකත්වය දීම බව ද පෙන්වාදෙයි.
“විපක්ෂය විදිහට අපි විමර්ශනවලට විරුද්ධ නැහැ. වගවීම කියන දේ ඉතාමත් වැදගත්. නමුත් දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන සිදුකරන විමර්ශනවලින් කිසිසේත්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ සාධාරණත්වයක් ඉටු වෙන්නේ නැහැ,” යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටී.
මේ අතර සුරේෂ් සලේ මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත්තේද, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තමාව රඳවා තබාගැනීමට එරෙහිවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart