November 23, 2026

මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි­යදී විදේශ කුලී ගුවන් ගමන් (චාටර් ෆ්ලයිට්) මඟින් සිදුකළ සංචාර කිහි­ප­යක් වෙනු­වෙන් ශ්‍රීලන්කන් ගුවන් සේව­යට ගෙවිය යුතු රුපි­යල් මිලි­යන 96.22ක (රුපි­යල් නව­කෝටි දෙලක්ෂ විසි දහ­සක) හිඟ මුද­ලක් මෙතෙක් ගෙවා නැතැයි අනා­ව­ර­ණය වේ.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ, මහා­චාර්ය ජී.එල්. පීරිස්, සජින් වාස්, ෆීලික්ස් පෙරේරා ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් මෙන්ම ලලිත් වීර­තුංග, ශිරන්ති රාජ­පක්ෂ, යෝෂිත රාජ­පක්ෂ යන අය­ගෙන් සම­න්විත කණ්ඩා­යම් කිහි­ප­යක් 2014දී අවස්ථා කිහි­ප­ය­කදී කළ විදෙස් සංචා­ර­ව­ලට මෙම මුදල් ගෙවී­මට ඇති බව සඳ­හන්ය.

2014දී සිදු කළ මේ සංචාර පිළි­බඳ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස අය-වැය කාරක සභා අවස්ථා විවා­ද­යට එක්වෙ­මින් පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (21) මෙම කරුණු හෙළි කළේය. 2014දී ශිරන්ති රාජ­පක්ෂ, ජී.එල්.පීරිස්, සජින් වාස් ගුණ­ව­ර්ධන, ලලිත් වීර­තුංග ඇතුළු 59 දෙනකු මාල­දි­ව­යින හා සීෂෙල්ස් රට­ව­ලට ගොස් තිබෙන අතර ශ්‍රීලංකන් එයාර් ලයින් සඳහා ජනා­ධි­පති කාර්යා­ල­යෙන් රුපි­යල් මිලි­යන 20.35ක් මේ වන විටත් ගෙවා නැති බවත් හෙතෙම කීවේය. 2014 ඔක්තෝ­බර් මාස­යේදී ශිරන්ති රාජ­පක්ෂ, ජී.එල්.පීරිස්, සජින් වාස් ගුණ­ව­ර්ධන, ෆීලික්ස් පෙරේරා ඇතුළු 70 දෙනකු ඉතාලි සංචා­ර­ය­කට ගොස් තිබෙන අතර ඒ සඳහා රුපි­යල් මිලි­යන 43.47ක් මේ වන තෙක් ගෙවා නැතැයි ද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

එමෙන්ම 2014 නොවැ­ම්බර් මාස­යේදී නේපා­ලයට 43 දෙනකු සමඟ ගොස් රුපි­යල් මිලි­යන 28.8ක් සහ 2014දී මහින්ද රාජ­පක්ෂ, යෝජිත රාජ­පක්ෂ ඇතුළු 57 දෙනකු තිරු­පති ගොස් රුපි­යල් මිලි­යන 3.6ක් මේ වන විටත් ගෙවී­මට ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ශ්‍රී ලංකා එයාර් ලයින් පාඩු ලැබී­මට මේ නොගෙ­වීම් ද හේතු­වක් වී ඇතැයි ද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

හිටපු ජනා­ධි­ප­ති­වරු නඩත්තු කිරී­මට 2024 වස­රේදී විය­දම් කළ රුපි­යල් මිලි­යන 110.51ක මුදල මේ වසර වන විට රුපි­යල් මිලි­යන 4.39ක් දක්වා අඩු කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම 2024 වන විට චන්ද්‍රිකා කුමා­ර­තුංගට වැයකළ රුපි­යල් ලක්ෂ 137ක නඩත්තු විය­දම් ලක්ෂ 8 ක් දක්වාත් මහින්ද රාජ­පක්ෂ වෙනු­වෙන් වැයකළ ලක්ෂ 617ක මුදල රුපි­යල් ලක්ෂ 8ක් දක්වාත් මේ සැප්තැ­ම්බර් වන විට අඩුකර තිබෙන බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

මෛත්‍රී­පාල සිරි­සේනට වැය කළ රුපි­යල් මිලි­යන 18.57 ක මුදල ද ලක්ෂ 8ක් දක්වාත් ගෝඨා­භය රාජ­පක්ෂට වැයකළ මිලි­යන 11.02 ක මුදල් ලක්ෂ 8ක් දක්වාත් රනිල් වික්‍ර­ම­සිංහට වැය කළ රුපි­යල් මිලි­යන 2.52ක මුදල ලක්ෂ 8ක් දක්වාත් අඩුකර ඇතැ­යිද ඇමැ­ති­ව­රයා කීවේය.

හේමා ප්‍රේම­දාස වෙනු­වෙන් 2024දී රුපි­යල් මිලි­යන 3.04ක් වැය කළ අතර මේ වන විට ඒ මුදල වැය නොක­රන බවත් පැව­සු­වේය.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය.

‘පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක්’ උරුම කර­දීම සඳහා අපට ජන­ව­රම ලැබී තිබෙ­නවා. වසර දෙකක් තුළදී අපි කැප වුණේ රට ස්ථාවර කිරී­මට. එහිදී රට තුළ විනය හා කළ­ම­නා­කා­රී­ත්වය අපට වැද­ගත් වුණා. ජනා­ධි­ප­ති­ව­ර­යෙක් විදේශ සංචා­ර­යන් සඳහා යොදා ගන්නා මුදල් ද මෙහිදී වැද­ගත්. රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා මාස 26 කදී අවස්ථා 33කදී 421ක් එක්ක රට සංචාර ගොස් තිබෙ­නවා. එංග­ලන්ත සංචා­රයේ සිට එතු­මාගේ විදෙස් සංචාර මිලි­යන 1010 යි.

අපේ ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය මාස 26දී සංචාර 8ක් සිදු කර තිබෙ­නවා. අදාළ අනි­යුක්ත හෝ සංචාර දීමනා එතුමා ගත්තේ නැහැ. ඊට රුපි­යල් මිලි­යන 31.17 යි විය­දම් කර තිබෙන්නේ.

ජනා­ධි­ප­ති­ව­රයා හා තාව­කා­ලික කාර්ය මණ්ඩ­ලය සඳහා 2024 සැප්තැ­ම්බර් 30 වන විට රුපි­යල් මිලි­යන 857ක මුද­ලක් විය­දම් කර තිබෙ­නවා. 2025 සැප්තැ­ම්බර් 30 වන විට ඒ මුදල අපි රුපි­යල් මිලි­යන 364 දක්වා අඩු කර තිබෙ­නවා.

මේ තාව­කා­ලික කාර්ය මණ්ඩ­ලය සඳහා වන ඒ විය­දම මේ අවු­රුද්දේ සැප්තැ­ම්බර් 30 වන විට රුපි­යල් මිලි­යන 237ක් දක්වා මේ වස­රේදී අඩු කර තිබෙ­නවා. පැවති දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කරන බවට අපි ජන­තා­වට පොරොන්දු වුණා. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­යාට තිබූ ඒ පහ­සු­කම් අඩු කරලා මේ විය­දම් අපි පාල­නය කර තිබෙ­නවා. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ පහ­සු­කම් අඩු කරලා ජන­තාව ඒ විය­ද­ම්ව­ලින් මුදා­ගෙන තිබෙ­නවා.

2024දී චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යට රුපි­යල් මිලි­යන 13.69ක් විය­දම් කර තිබෙ­නවා. දැන් මේ සැප්තැ­ම්බර් 30 වන විට රුපි­යල් මිලි­යන දශම 88 යි. ලක්ෂ 137ක් විය­දම් කළ තැනක ලක්ෂ 8ක් දක්වා අඩු කර තිබෙ­නවා.

මහින්ද රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් 2024දී රුපි­යල් මිලි­යන 61.66 ක් විය­දම් කළා. අද වන විට විය­දම් කරන්නේ රුපි­යල් මිලි­යන දශම 88 යි.

මෛත්‍රී­පාල සිරි­සේන මහතා වෙනු­වෙන් 2024දී රුපි­යල් මිලි­යන 18.57 ක් විය­දම් කර තිබෙ­නවා. අද වන විට එය රුපි­යල් මිලි­යන දශම 88 යි. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සඳහා 2024දී රුපි­යල් මිලි­යන 11.02 ක් විය­දම් කළා. අද වන විට එය රුපි­යල් මිලි­යන දශම 88 යි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් 2024දී රුපි­යල් මිලි­යන 2.53 ක් විය­දම් කළා. අද විය­දම් කරන්නේ මිලි­යන දශම 88 යි.

2024දී හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් නඩත්තු කරන්න විය­දම් කළ රුපි­යල් මිලි­යන 110.51ක මුදල පසු­ගිය වසර වන විට රුපි­යල් මිලි­යන 41.17 දක්වා අඩු කර තිබෙ­නවා.

ඊට පසුව අපි අද වන විට විය­දම් කරන්නේ රුපි­යල් මිලි­යන 4.39යි. ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශ­ක­යන් 2024දී අපි බාර ගන්නා විට 39ක් හිටියා. අද වන විට ඉන්නේ 6 යි. ජනා­ධි­පති සම්බ­න්ධී­කා­රක ලේක­ම්වරු අපි බාර ගන්නා විට 23ක් හිටියා. අද ඉන්නේ 7 යි. ඒ කාලයේ ජනා­ධි­පති කාර්යා­ලයේ විශේෂ ව්‍යාපෘති අංශ­යක් තිබුණා. සුගී­ෂ්වර බණ්ඩාර එහි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස හිටියා. ජනා­ධි­ප­ති­ව­රයා හා පොදු­ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, පළාත් පාලන මන්ත්‍රී­ව­රුන්, පාක්ෂික මන්ත්‍රී­ව­රුන්, පොදු­ජන පෙර­මුණේ වෘත්තීය සමිති නාය­ක­යන් යනාදී පාක්ෂි­ක­යන් සම්බ­න්ධී­ක­ර­ණය කිරීම ඔහුගේ කාර්යය වුණා. 135ක කාර්ය මණ්ඩ­ල­යක් ඔහුට ලබා දී තිබුණා. තාව­කා­ලික පද­නම යටතේ 87ක් ගෙන තිබුණා. එහි විය­දම වැටුප් හා දීමනා සඳහා රුපි­යල් මිලි­යන 170ක්. ප්‍රවා­හන දීමනා ඇතුළු දීමනා සඳහා රුපි­යල් මිලි­යන 204ක් පමණ විය­දම් කර තිබෙ­නවා. සුගී­ෂ්වර මහතා තායි­ල­න්තය, මැලේ­සි­යාව, ඉන්දි­යාව, චීනය, බහ­රේන් ඇතුළු රට­වල් ගණ­නා­වක සංචා­රය කර තිබෙ­නවා.

ඒ විනය අපි දැන් පාල­නය කර තිබෙ­නවා. ස්වාධීන කොමි­ෂන් සභා පත් කර­මින් ඒවායේ සේවා­වන් කාර්ය­ක්ෂම කර තිබෙ­නවා. ආණ්ඩු පක්ෂය හා සභා­නා­යක කාර්යා­ලය තුළින් ජනතා සේවය ඉහළ මට්ට­මින් සිදු කර­නවා. කලින් ආණ්ඩු­ව­ලින් සභා­නා­යක කාර්යා­ලය සඳහා රුපි­යල් මිලි­යන 155ක පමණ ප්‍රති­පා­දන වෙන් කළ එක රුපි­යල් මිලි­යන 90ක් දක්වා අඩු කර තිබෙ­නවා. ඒකෙ­නුත් අපි ගිය වසරේ භාවිත කර තිබෙන්නේ රුපි­යල් මිලි­යන 73.7 යි. සභා­නා­ය­ක­ව­ර­යාට වගේ සමා­නව විපක්ෂ නාය­ක­ව­ර­යාට සල­කන්න ඕන කියලා සජිත් මහතා කීවා. සභා­නා­යක කාර්යා­ල­යෙයි ආණ්ඩු පක්ෂ කාර්යා­ල­යෙයි විය­ද­ම්ව­ලට වඩා දෙගු­ණ­යක මුද­ලක් විපක්ෂ නායක කාර්යා­ල­යට අපි ලබා දී තිබෙ­නවා.

විපක්ෂ නායක කාර්යා­ල­යට 2025දී රුපි­යල් මිලි­යන 331ක් විය­ද­මට වෙන් කර තිබෙ­නවා. 2026දී රුපි­යල් මිලි­යන 337 යි. ලබන වස­රට රුපි­යල් මිලි­යන 361ක්ම තිබෙ­නවා. ලබන වස­රට සභා­නා­යක කාර්යා­ල­යට තිබෙන්නේ මිලි­යන 88යි. ආණ්ඩු පක්ෂ සංවි­ධාන කාර්යා­ල­යට මිලි­යන 89යි. දෙකම එකතු වුණාම රුපි­යල් මිලි­යන 177යි. ඒවාට මොකුත් සද්ද නැහැ. ඉන්නෙත් 35යිලු. ඒ මුද­ල්ව­ලට කරන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ඕන. පාර්ලි­මේ­න්තුවේ ගුණා­ත්ම­ක­භා­වය ඉහළ මට්ට­මක පව­ත්වා­ගන්න අපි කට­යුතු කර­නවා. ඉල්ලීම් ලැබී තිබෙ­නවා. ඒවා සාකච්ඡා කර­නවා. වේග­වත් සංව­ර්ධ­න­යක් ජන ජීවි­ත­යට අත්පත් කර­දෙන්න අපි කට­යුතු කර­නවා.”

(උපුටාගැනීම – දිනමිණ පුවත්පත)