
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෝෂ සහිත ටකාටා (Takata) එයාර්බෑග් පිම්බුම් උපකරණ (airbag inflators) පුපුරා යාමෙන් බරපතල තුවාල සිදුවිය හැකි බවට පවතින අවදානම හේතුවෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ වාහන මිලියන 1.6 ක් පමණ ආපසු කැඳවීමට (recall) ජපාන මෝටර් රථ නිෂ්පාදකයින් වන හොන්ඩා සහ ටොයොටා සමාගම් නිවේදනය කර තිබේ.
රොයිටර් පුවත් සේවයට අනුව, ඇතැම් මෝටර් රථ, SUV රථ සහ ට්‍රක් රථවල සවිකර ඇති එයාර්බෑග් පිම්බුම් උපකරණ අක්‍රිය වීමේ අවදානම පිළිබඳව නිකුත් කළ අනතුරු ඇඟවීම්වලින් අනතුරුව පසුගිය සිකුරාදා (20) මෙම ආපසු කැඳවීම් නිවේදනය කර ඇත.
එයාර්බෑගය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙම පිම්බුම් උපකරණ පුපුරා යා හැකි බවත්, එමගින් තියුණු ලෝහ කැබලි වාහනය ඇතුළතට විසි වී රියදුරන්ට සහ මගීන්ට තුවාල සිදුවීමේ අවදානමක් පවතින බවත් ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය පවසයි.
ඒ අනුව හොන්ඩා සමාගම විසින් හොන්ඩා සහ ඇකියුරා (Acura) වාහන 810,592 ක් පමණ ආපසු කැඳවන අතර, ටොයොටා සමාගම විසින් ඇතැම් ටොයොටා සහ ලෙක්සස් (Lexus) මාදිලි ඇතුළු වාහන කිහිපයක් ආපසු කැඳවීමට නිවේදනය කර තිබේ.
ටකාටා එයාර්බෑග් පිම්බුම් උපකරණවල භාවිත කරන රසායනික ප්‍රචාලකය (chemical propellant) දිගු කලක් තාපයට හා ආර්ද්‍රතාවයට (තෙතමනයට) නිරාවරණය වීමෙන් අස්ථායී වී දිරාපත් වීම මෙම ආරක්ෂිත ගැටළුවට හේතු වී ඇත.
මෙම නවතම ආපසු කැඳවීම්, ටකාටා එයාර්බෑග් සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ පවතින ගෝලීය ආරක්ෂිත ගැටළුවක කොටසකි.
පසුගිය දශකය තුළ, ඇමරිකා එක්සත් ජනපදයේ වාහන මිලියන 67 ක් ඇතුළුව ලොව පුරා ටකාටා එයාර්බෑග් පිම්බුම් උපකරණ සවිකර ඇති වාහන මිලියන 100 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබේ.
නිෂ්පාදකයන්ට අනුව, මෙම නවතම ආපසු කැඳවීමට අදාළ වාහන සම්බන්ධයෙන් කිසිදු අනතුරක්, තුවාල වීමක් හෝ එයාර්බෑග් පිපිරීමක් මෙතෙක් වාර්තා වී නොමැත. දෝෂ සහිත පිම්බුම් උපකරණ වෙනුවට නව උපකරණ සවිකර දෙන බව එම සමාගම් පවසයි.
හොන්ඩා සමාගම විසින් ආපසු කැඳවන මාදිලි අතරට 2012 සහ 2013 වසරවල නිෂ්පාදිත ඇතැම් ඇකෝඩ් (Accord), සිවික් (Civic), CR-V, ඇකියුරා ILX සහ ඇකියුරා RDX යන වාහන ඇතුළත් වේ.
ටොයොටා සමාගමේ ආපසු කැඳවීමට ඇතැම් කොරොල්ලා (Corolla), ටුන්ඩ්‍රා (Tundra), සෙකොයියා (Sequoia) සහ 4 රනර් (4Runner) මාදිලි මෙන්ම තෝරාගත් ලෙක්සස් (Lexus) වාහන ද ඇතුළත් වේ.
ටොයොටා සමාගමේ මෙම ආපසු කැඳවීම ඇමරිකා එක්සත් ජනපදයේ වාහන 314,000 ක් ඇතුළුව ලොව පුරා වාහන 790,000 කට පමණ බලපායි.
2027 වසරේ මුල් භාගය වන විට මේ සඳහා ආදේශක පිම්බුම් උපකරණ ලබා දීමට හැකි වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart