
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිළිනොච්චියේ පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි ඊයේ (24 දා) සිට අත්හිටුවා ඇති අතර ඔහුට එම විභාග ශාලාවට ඇතුළු වීම ද තහනම් කර තිබේ.
අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වන මෙම මධ්‍යස්ථානයේ සේවය කළ නියෝජ්‍ය විභාග මධ්‍යස්ථානාධිපතිවරයා 21 දා රාජකාරි කටයුතු සඳහා විභාග ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්වය.
එසේ පැමිණ ඔහු සේවය කරන අතරවාරයේ විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි තවත් දෙදෙනකු සමග ප්‍රශ්නයක් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපතිවරයාට එරෙහිව මූලික පරීක්ෂණයක් පවත්වා තිබේ.
එහිදී ඔහු බීමත්ව සිටි බව සනාථ වීම නිසා ඔහු විභාග රාජකාරිවලින් ඉවත් කර තිබේ.
ඉන් පසුව එම නිලධාරියාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart