
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුරෝපීය රටවල් කිහිපයක සුපිරි වෙළෙඳසැල් ජාල ඉලක්ක කර ගනිමින් එල්ල වූ සැකකටයුතු සයිබර් ප්‍රහාර මාලාවක් හේතුවෙන් එම වෙළෙඳසැල්වල ශීතකරණ සහ අධිශීතකරණ පද්ධති දැඩි ලෙස අක්‍රීය වී තිබේ.
සයිබර් අපරාධකරුවන් විසින් මෙම පද්ධති වෙත දුරස්ථව ඇතුළු වී, සිසිලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා හිතාමතාම ඉහළ නංවා ඇති බව අනාවරණ වී ඇත.
මෙම හදිසි තත්ත්වය නිසා වෙළෙඳසැල් තුළ තිබූ නරක් වූ සහ නරක් වීමේ අවදානමට ලක් වූ මස්, මාළු, එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය ටොන් ගණනක් ඉවත දැමීමට සිදුව තිබේ.
ස්වීඩනය, බෙල්ජියම, ලක්සම්බර්ග්, අයර්ලන්තය සහ එස්තෝනියාව යන රටවල සුපිරි වෙළෙඳසැල් රැසකට මින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මීට අමතරව ෆින්ලන්තයෙන් සහ නෙදර්ලන්තයෙන්ද සමාන සිදුවීම් වාර්තා වී ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රංශයේ සුපිරි වෙළෙඳසැල් සිය ගණනකටද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එහිදී ඇතැම් ස්ථානවල ගිනි ගැනීම් හටගනිමින් දැවැන්ත විනාශයක් සිදුව තිබේ.
ස්වීඩනයේ ICA සහ Coop මෙන්ම බෙල්ජියමේ Carrefour, Delhaize සහ Spar වැනි ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයන් මේ සඳහා ගොදුරු වී ඇත.
මෙම සිදුවීම් මගින් නවීන තාක්ෂණයට සම්බන්ධ කර ඇති අන්තර්ජාලගත ශීතකරණ පද්ධතිවල ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු මතු කර තිබේ. සාමාන්‍යයෙන් වෙළෙඳසැල් ක්‍රියාකරුවන්ට දුරස්ථව උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමට සහ නඩත්තු කටයුතු පහසු කර ගැනීමට මෙම පද්ධති උපකාරී වුවද, ඒවායේ ඇති දුර්වලතා හැකර්වරුන් විසින් අවභාවිත කර ඇති බව පෙනී යයි.
යුරෝපීය කෘෂිකර්ම හා ආහාර කොමසාරිස් ක්‍රිස්ටෝෆ් හැන්සන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ප්‍රහාර යුරෝපා සංගමයේ ආහාර සැපයුම් දාමය කඩාකප්පල් කිරීමට සහ මහජන විශ්වාසය බිඳ දැමීමට ගත් බරපතල උත්සාහයක් බවයි. අදාළ රටවල ජාතික සයිබර් ආරක්ෂක අංශ සහ පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart