November 3, 2026

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික මට්ටමක නොමැති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.