
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ආසන්නයේදී සිදු කළ පහරදීමට එරෙහිව සිරස මාධ්‍ය ජාලයේ නිව්ස්ෆස්ට් ජනමාධ්‍යවේදීන් 8 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
2022 වසරේ ජූලි මස 9 වැනිදා පැවති මහජන අරගලය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසළ ප්‍රවෘත්ති ආවරණයට ගිය නිව්ස්ෆස්ට් ජනමාධ්‍යවේදීන් පිරිසකට මෙම පහරදීම සිදුව තිබිණි.
එම පහරදීමෙන් තුවාල ලැබූ සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත මෙන්ඩිස්, ටී.සින්දුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, ඩබ්ලිව් වීරකෝන්, වී. චන්ද්‍රන් හා ලහිරු මධුශංකආරච්චි යන ජනමාධ්‍යවේදින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.
පෙත්සම සලකා බැලුනේ ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන්, පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරීවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු 8 දෙනෙකු පෙත්සමේ වගඋත්කරකරුවන් ලෙස නම්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට අනුව වධහිංසාවෙන් නිදහස්වීම, 12(1) සහ 12(2) වගන්ති අනුව සමානාත්මතාවට ඇති අයිතිය සහ වෙනස්කම් නොකිරීමෙන් නිදහස් වීම, 14(1)(අ) වගන්තියට අනුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය, 14(1)(ඌ) වගන්තියට අනුව ඕනෑම නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, වෙළඳාමක, ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියැලීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් මත පදනම්ව පෙත්සම ගොනුකර තිබේ.
පෙත්සම් විභාගයට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් 29 වැනිදා පෙත්සම විභාගයට කැඳවීමට දින නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart