
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමරිසිභාවය අපරාධයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වා ඇති අතර, කතානායකවරයා එම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින්, මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන අතර, එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තීන්දු කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත.
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පසුගිය අප්‍රේල් 04 වැනි දින ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරුවන් තිදෙනකු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණයක් ලබාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart