
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2028 වසර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ජයග්‍රහණ අපේක්ෂා කරන වසර බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි.
ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කරන බවට සහතික වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සියලු ක්‍රීඩා ඔලිම්පික් ක්‍රීඩා උළෙල කරා ගෙනයෑමේ සැලසුම් 2025 ජනවාරි මුල් සතියේදී ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.
“රටේ ක්‍රීඩාව එකතැන පල්වෙන්න දෙන්න බැහැ. ක්‍රීඩා සංගම්වල තිබෙන ගැටලු කඩිනමින් විසඳනවා.”
ක්‍රීඩාවේ පුනරුදයක් ඇති කරන ලෙස සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින සුගත් තිලකරත්න, දුනු ශිල්පය පමණක් නොව මෙරට සියලුම ක්‍රීඩා අන්තර්ජාතික ජයග්‍රහණ කරා මෙහෙයවීම ඔවුන්ගේ වගකීමක් බවද පැවසීය.
“අපි 2028 ඔලිම්පික් සඳහා අපේක්ෂා කරන වසරක් කරමු. අපි එක්ව ක්‍රීඩාව තුළින් සමෘද්ධිමත් සුන්දර ජාතියක් පිළිබඳ දැක්ම යථාර්ථයක් බවට පත්කරමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවැති සිව්වැනි ජාතික දුනු විදීමේ ශූරතාවලිය අමතමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart