
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කළ වැඩසටහනකදී කාන්තාවකගේ නමක් ඊට සම්බන්ධ කිරීමෙන් එම කාන්තාවට හිරිහැර කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔක්තෝබර් 28 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේකර යූ ටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරිට නියෝග කර තිබේ.
තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාලිකාව සහ ටික්ටොක් ගිණුම ඔස්සේ නඩුවට අදාළ ඕනෑම දෙයක් විකාශනය කිරීම/සම්ප්‍රේෂණය කිරීම නතර කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගය නිකුත් කරන ලදී.
‘ක්ලැසික් සුදා’ නම් වැඩසටහනක් පවත්වන තිලකසිරි, තාජුඩීන් නම් පුද්ගලයකු හෝ ඔහුගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි කාන්තාව සම්බන්ධයෙන් අපහාසාත්මක හා හානිකර අන්තර්ගතයන් විකාශනය කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
කුසල් සේනානායක සහ මිගාර ගුණරත්න යන නීතිඥවරුන් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට කියා සිටියේ, තිලකසිරිගේ ක්‍රියාවන් හේතුවෙන් පෙත්සම්කාරිය හිරිහැර හා වේදනාවට මුහුණ දී ඇති බවත්, ඇය පිළිබඳ පතුරුවා හරින ලද අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව යුක්තිය ඉටු කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart