
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) පැවසා ඇත.
මෙරට වත්කම් නැවත අත්පත් කරගැනීම සඳහා අන්තර්ජාතික වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මගපෙන්වීමක් සිදුකර ඇති අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමටද එකඟවී තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.
රජයේ ප්රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබාදීමටත්, ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළට ලබාදිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇත.
උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ පවතින අනෙකුත් සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට හා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බවද ස්විට්සර්ලන්ත තානාපතිනිය වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart