August 20, 2023

ඉතාලියේ නිෂ්පාදිත එංජින් ධාරිතාව වැඩි බලපත්‍ර‍ නොමැති ව්‍යාජ චැසි අංකයක් යොදන ලද යතුරුපැදියක් සහ ව්‍යාජ ආදායම් බලපත්‍ර සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

ඒ මීතිරිගල – තල්දූව ප්‍රධාන මාර්ගයේ, නිස්සරණ රක්ෂිත වනය ආසන්නයේ දීය.

එහිදී බලපත්‍ර නොමැතිව මෙරටට ගෙන්වන ලද එන්ජින් ධාරිතාව 950 ක් වු අංක තහඩු නොමැති ව්‍යාජ ලෙස චැසි අංකයක් කොටන ලද ඉතාලියේ නිෂ්පාදිත DUCATI 950 CC වර්ගයේ සුදු පැහැති මෙම යතුරුපැදිය සොයා ගෙන තිබේ.

ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ලඟ තබාගත් එම යතුරුපැදියේ 22 හැවිරිදි හිමිකරු විමර්ශන කටයුතු සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.