
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිකට් පාලන තන්ත්රයේ සිදුවූ වෙනස්කම් සහ ඇතිවූ පරිපාලනමය ගැටලු නිරාකරණය වූ වහාම යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.
ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පරිපාලනමය වෙනස්කම් හේතුවෙන් ක්‍රීඩාංගණයේ වැඩකටයුතු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ගෘහස්ථ ක්රීඩාංගණයකින්ද සමන්විත මෙම ව්‍යාපෘතිය එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමේ අරමුණින් පසුගිය ජනවාරි මාසයේදී මුල්ගල තැබූ අතර, ඊට අදාළ ප්රතිපාදනද වෙන්කර තිබිණි.
දේශපාලන අරමුණු පෙරදැරි කරගත් පිරිස් විසින් අධිකරණය හමුවේ නඩුවක් පැවරීම හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ ඇනහිටීමට ලක්විය.
“මෙම ක්‍රියාවෙන් සැබෑ ලෙසම පාඩුව සිදු වූයේ යාපනයේ ජනතාවට සහ ක්‍රීඩාවට ලැදි දරුවන්ටයි. දේශපාලන අරමුණු වෙනුවෙන් යාපනයේ දරුවන්ගේ ක්‍රීඩා සිහින සහ අනාගතය විනාශ කරන්න එපා යැයි මම ඉල්ලා සිටිනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නීතිමය සහ පරිපාලනමය බාධාවන් නිරාකරණය කරමින් යාපනය ප්‍රදේශයේ නැගී එන ක්‍රීඩකයන්ගේ අනාගතය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart