
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය සඳහා සීමා පැනවීමට ශ්‍රී ලංකා මහබැංකුව හෝ රජය මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අද මහබැංකුවේ පැවති ජනමාධ්‍ය හමුවකදී අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
වාහන ආනයනය සඳහා සීමා පැනවීමට රජය සහ මහබැංකුව කල්පනා කරමින් සිටින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, වෙළෙඳපොළ විවෘතව පවතින බව සහ ආනයන සීමාකිරීමට මහබැංකුව අවධානය යොමුකර නොමැති බවයි.
රජයට ද එවැනි අදහසක් නොමැති බව ප්‍රකාශ කළ ඔහු පෙන්වාදුන්නේ, වාහන ආනයනය සඳහා වෙළෙඳපොළ විවෘත කිරීමේ තීරණයේ වෙනසක් සිදුනොවන බවට විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශයක් කර ඇති බවයි.
සීමාවන් පැනවීමේ කිසිදු පියවරක් දැනට ගෙන නොමැති අතර, මහබැංකුව සිදුවිය හැකි අවදානම් පිළිබඳව අවධානයෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart