
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා නුවරඑළියේදී පැවැත්වීමට නියමිත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසයි.
“උතුම් මිතුරන් සමඟ ඇසුරු කිරීම” මෙවර වෙසක් උත්සවයේ තේමාව බව පවසන ඇය පෙන්වා දෙන්නේ, උත්සවය සඳහා දැනටමත් කටයුතු සිදුවෙමින් පවතින බවයි.
බුදුදහමේ හරය ඉස්මතු කෙරෙන ප්‍රධාන උත්සව වැඩසටහන් අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී සහ නුවරඑළිය නගර ශාලාවේදී පැවැත්වෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි.
රාජ්‍ය උත්සවයට සමගාමීව දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ද සැමරුම් පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart