October 19, 2026

‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සහ එම ප්‍රදේශයේ සිදුවූ බව කියන වෙනත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදූර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

පරිසර අමාත්‍යාංශයට අනුව, මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අලුතින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ද එම ප්‍රදේශයේ සිදුවූ වෙනත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරේ.

ගිනිඅවි නීතිවිරෝධී ලෙස භාවිත කරමින් වනජීවීන් ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර, වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය විසින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පරිසර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.