
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන්යානයක් තුළදී අනුගමනය කළ යුතු ආරක්‍ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වීඩියෝවකට සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වඩාත් මනරම් දර්ශනීය ස්ථාන පෙළක් ඇතුළත් කිරීමට ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් කටයුතු කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අනුව ආරක්ෂක තොරතුරු පූර්ව වශයෙන් බෙදා හැරීම ගුවන් ගමන් කර්මාන්තයේ නියාමන අවශ්‍යතාවයකි.
එය සෑම මගියකුම ආරක්ෂක විධිවිධාන පිළිබඳ දැනුවත් බව සහතික කිරීම සඳහා පූර්වාරක්ෂක පියවරක් ද වේ.
තොරතුරු සහ සිත් ඇදගන්නාසුළු සිනමා අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා දිවයිනේ සෞන්දර්යය සහ ශ්‍රීලන්කන්හි සේවාවල උණුසුම සහ රැකවරණය ඇතුළත් කරමින් නව ආරක්‍ෂිත වීඩියෝව නිර්මාණය කර ඇත.
ශ්‍රීලන්කන් හි ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall පවසන්නේ මීට පෙර අන්තර්ජාතික සංචාරක වෙළඳ හවුල්කරුවන් 200කට අධික සංඛ්‍යාවක් වෙත ප්‍රදර්ශනය කළ මෙම නවතම වීඩියෝව එළිදැක්වීමට ලැබීම ගැන සතුටු වන බවයි.
අත්‍යවශ්‍ය ආරක්‍ෂිත තොරතුරු වෙත නරඹන්නාගේ අවධානය යොමු කරන අතරම, වීඩියෝව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart