
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
BMW India සමාගම විසින් ඉන්දියාවට හඳුන්වා දුන්, දහන එන්ජින් සහ විදුලි බල පද්ධති සහිත 7 Series මාදිලියේ BMW i7 සෙඩාන් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් තමන් සතු කර ගැනීමට සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං සමත් වී ඇත.
එම අවස්ථාවේදී ම, අදාළ ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් රන්වීර් සිංව සිය නවතම සන්නාම තානාපතිවරයා ලෙස ද නම් කර තිබේ.
සිය නවතම BMW i7 රථය භාර ගැනීමෙන් පසු රන්වීර්, Toyota Fortuner සහ ‘crab walk’ හැකියාව ඇති GMC Hummer EV යන වාහනවලින් සමන්විත තම රථ පෙළ සමඟ එය පදවාගෙන ගිය අතර එම දර්ශන මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය අවකාශය තුළ දැඩි ලෙස සංසරණය වේ.
මෙම අධි සුඛෝපභෝගී මෝටර් රථය අදාළ සමාගම විසින් රන්වීර් සිං වෙත ත්‍යාග කළ රථයක් නොවන අතර ඉන්දීය රුපියල් කෝටි 1.95කට අධික වටිනාකමකින් ගෙවා ඔහු විසින්ම මිල දී ගත් බව ඉන්දීය ජන මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර රන්වීර් සිංගේ වාහන එකතුවට Lamborghini Urus, Mercedes-Maybach GLS 600, Range Rover, Aston Martin Rapide S සහ තවත් බොහෝ සුඛෝපභෝගී මාදිලි ඇතුළත්ය.
කෙසේ නමුත් රන්වීර්ගේ මෙම නවතම සුඛෝපභෝගී තෝරා ගැනීමත් සමග ඔහු, අජේ දේව්ගන්, සෝනම් කපූර්, ජිතේන්ද්‍ර, රිතේෂ් දේශ්මුක් සහ සෝනු සූද් වැනි BMW i7 සෙඩාන් (sedan) වාහන හිමි බොලිවුඩ් තරු අතරට එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart