November 25, 2026

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ අභියාචනා පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා 2027 මාර්තු 05 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

විනිසුරු මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාළ අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා 2027 මාර්තු 05 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.