
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වන චෝදනා කිහිපයකට වරදකරු වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ මුදල් සහ අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.
අදාළ චෝදනාවලට ජොන්ස්ටන් ප්‍රනාන්දු වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, 2023 දෙසැම්බර් 5 වැනිදා සිට 2024 ඔක්තෝබර් 4 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ වරදට ඔහුට රුපියල් 5,000ක දඩයක් නියම කෙරුණු අතර, එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිරදඬුවමක් ලබා දීමට ද අධිකරණය නියෝග කළේය.
මීට අමතරව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එකලස් කරන ලද වාහනයක් බව දැන දැනම එය පැදවීමේ චෝදනාවට ඔහුට රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ.
එම චෝදනාව සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් වසර 5කට අත්හිටවූ මාස 6ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළ අතර, අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් ක්‍රියාත්මක කිරීමට ද නියෝග කෙරිණි.
අදාළ කාලසීමාව තුළ මෝටර් රථයට ව්‍යාජ ලෙස වාහන අංක තහඩුවක් සවිකර භාවිත කිරීමේ වරදට ද ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් 25,000ක දඩයක් නියම කළ අධිකරණය, එය නොගෙවන්නේ නම් මාස 3ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart