
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගත් සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රකට දේවගැතිවරයෙකු වන යූබට් ඒන්ජල් ඊයේ හරාරේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලාංකික දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන ඒන්ජල්, පසුගිය ඉරිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාංචු දමා අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
40 හැවිරිදි කාන්තාවකට බරපතළ පහරදීමක් සිදු කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී ඇති බව සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කරයි.
ඔහු රටින් පළා යාමට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බව පවසමින් පැමිණිල්ලේ නීතිඥවරුන් ඔහුට ඇප ලබා දීමට විරෝධය පළ කළ අතර, ඒන්ජල්ගේ නීතිඥවරුන් ඔහුව අත්අඩංගුවට ගත් ආකාරය අභියෝගයට ලක් කළහ.
ඔහුගේ ඇප අයදුම්පත පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කරන තෙක් ඒන්ජල් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
යූබට් ඒන්ජල් මීට පෙර ශ්‍රී ලංකාවට ද පැමිණ ඇති අතර, ජෙරොම් ප්‍රනාන්දු සමඟ පැවති සබඳතා හේතුවෙන් මෙරට මහජනතාවගේ ද අවධානයට ලක්වූ අයෙකි.
ඔහුට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ ඔප්පු වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart