
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 15කට පසුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 03 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව එම සමාගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (COPE) අනාවරණය කර ඇත. ඒ අනුව 2008 වසරේදී දී එමිරේට්ස් කළමනාකරණයෙන් ඉවත් වූ පසු ගුවන් සමාගම මෙලෙස ශුද්ධ ලාභයක් ලබා ඇත්තේ පළමු වරටය.
කෙසේවෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙලෙස ලාභයක් උපයා ඇත්තේ එම සමගම විසින් පසුගිය වකවානුව තුළ දැවැන්ත අලාභයක් ලබා සිටියදීය. කෝප් කමිටුවේදී අනාවරණය වූ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලබා ඇති අලාභය රටේ ජනගහණයෙන් බෙදූ විට, එක් පුද්ගලයකු රුපියල් 32,000ක ණයකරුවකු වේ. මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 63ක් වේ.
කෙසේවෙතත් කෝප් කමිටුව අමතමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් පැවසුවේ 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ඩොලර් බිලියන 01 කට අධික ආදායමක් ඇස්තමේන්තු කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart