
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකළේ දේශපාලනමය අරමුණකින් නොවන බව ඕෂල හේරත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම වෙත දැනුම් දී තිබේ.
ඇය විසින් අත්සන් තබන ලද බ්‍රිතාන්‍ය ආයතනයක ලිපි කිහිපයක් තමන්ට හමුවූ බවත්, ඒ අනුව ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට තමන්ට තහවුරු වූ බැවින් එම පැමිණිල්ල සිදුකළ බවද ඔහු පැවසීය.
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳීසිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව පවරා ඇති නඩුවක සාක්ෂි විමසීමේදී ඕෂල හේරත් අධිකරණය හමුවේ මේ බව පැවසුවේය.
මෙම සිද්ධියට අදාළව සැකකාර ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවේ චෝදනා හතක් ගොනුකර ඇති අතර, ඉන් එක් චෝදනාවක් වන 2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳීසිටීම යන චෝදනාවට අදාළ සාක්ෂි විමසීම එහිදී සිදුකෙරිණි.
එහිදී රජයේ නීතිඥ අකිලා ධර්මදාසගේ සාක්ෂි මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් ඕෂල හේරත් කියාසිටියේ, දේශපාලන අරමුණකින් තමන් ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළ බව පවසන්නේ නම් තමන් එය ප්‍රතික්ෂේප කරන බවය.
ඇයට එරෙහිව පමණක් නොව වත්මන් රජයේ ඇමතිවරුන් දෙදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට තමන් පැමිණිලි ගොනුකර ඇති බවද ඔහු කියාසිටියේය.
ඇය ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ නමුත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට තහවුරු වූ බවත්, ඇයට එවැනි තනතුරක් දැරීමට නීතිමය හැකියාවක් නොතිබූ බවද සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 7 පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
එම චෝදනා හතට තමන් නිවැරදිකාරිය බවට සැකකාර ඩයනා ගමගේ අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර වටිනා පෙර නියම කළ ඇප දෙකක් මත ඇය මුදාහරින ලෙසද, පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳීසිටීම, 2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳීසිටීම, 2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳීසිටීම, 2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම, ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 16 කැඳවිමට මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart