
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ මීළඟ ස්ථිර නියෝජිතයා ලෙස සේවය කිරීම සඳහා මෙරට විදේශ සේවා අංශයේ නිලධාරියෙකු වන සුමිත් දසනායක තෝරාගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රතික්ෂේප කර තිබේ.
ඇතැමුන් චෝදනා කර ඇත්තේ සුමිත් දසනායකට මෙම ඉහළ තනතුර පිරිනමා ඇත්තේ ඔහු අමාත්‍යවරයාගේ විශ්වවිද්‍යාල සගයෙකු වන නිසා බවයි.
කෙසේවෙතත් සුමිත් දසනායක ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අප්‍රිකානු සංගමයේ ස්ථිර නියෝජිතයා ලෙස සේවය කර ඇති අතර, දැනට අධීක්ෂණ පරිපාලන අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන බැවින් එම තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරියෙකු බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
මේ අතර, මැලේසියාව සහ රුමේනියාව ඇතුළු ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කිරීම සඳහා වෘත්තීය විදේශ සේවා නිලධාරීන් ද තෝරාගෙන ඇත.
ඔවුන්ගේ නම් ඉක්මණින් තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමුකෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart