
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා ඇණිය 25ක් දක්වා ඉහළ නංවාගැනීමේ සැලසුම ඔස්සේ, එම සමාගම මෙම වසර අවසන් වන විට තවත් පුළුල් බඳ සහිත ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට සැලසුම් කරන බව වාර්තා වේ.
එමෙන්ම දැනට අත්හිටුවා ඇති සහ සීමාකර ඇති ගුවන් මාර්ගවල මෙහෙයුම් වාර ගණන වැඩිකිරීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම උත්සාහ කරන බව එහි නිලධාරියෙක් පැවසූ බව Daily Mirror වාර්තා කරයි.
ඉකුත් දා ශ්‍රීලංකන් ගුවන් සමාගම කල්බදු ක්‍රමය මත නව Airbus A330-200 වර්ගයේ යානයක් ගුවන් යානා ඇණියට එක්කරන ලද අතර, එය වසර හතකට පසු ගුවන් සේවයට එවැනි යානයක් එක් කර ගත් පළමු අවස්ථාවයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ Daily Mirror වෙත පවසා ඇත්තේ තවත් ගුවන් යානා දෙකක් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර ඇති නමුත් ඒවා ප්‍රමාණවත් සංඛ්‍යාවක් අන්තර්ජාතික වෙළඳපොළේ නොතිබීම ගුවන් යානා වැඩි කිරීමේ සැලසුම්වලට බාධාවක් වී ඇති බවයි.
ගුවන් ගමන් මෙහෙයුම් වැඩිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් වැනි ඇතැම් යුරෝපීය ගමනාන්ත වෙත සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරන බවයි.
සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා චීනයේ බීජිං වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වන බව ද ඔහු පවසා ඇත.
දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 23ක් සමඟ ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart