
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ සහ චීනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මහ කොමසාරිස් සහ තානාපති ධූර සඳහා පුරප්පාඩු පවතින බැවින් එම තනතුරු සඳහා සුදුසු සහ ස්ථීර පුද්ගලයන් පත්කිරීමට අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් කරන ලෙස අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක්වන ඉන්දියාව සහ චීනය සඳහා මෙරට තානාපතිවරුන් පත්කිරීම කඩිනමින් සිදු විය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් එම කටයුතු කරන ලෙසද කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැනුම් දී තිබේ.
විදෙස් තානාපති කාර්යාලවල සේවය කිරීම සඳහා අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව නොසිටීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී ඇති අතර, සීමාවාසික පුහුණුව ලබන්නන් 25දෙනකු බඳවාගෙන ඇති බවත්, ඔවුන් අමාත්‍යාංශයේ සේවය සඳහා යොදවා ඇති බවත්, මෙහිදී අනාවරණය විය.
එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදීමද සිදුව ඇත.
ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර පවතින වෙළෙඳ සබඳතා පිළිබඳවද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මෙහිදී අදහස් දැක්වූ අතර ඉදිරිපත් කිරීමක්ද (Presentation) සිදුකර තිබේ.
ආසියානු රටවල් සමඟ ශ්‍රී ලංකාව පවතින වෙළෙඳ ගිවිසුම් සහ ඒවායේ සාධනීය වර්ධනයන් සඳහා අවශ්‍ය මැදිහත්වීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart