
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආචාර්ය තශිර ගුණතිලක විසින් රචිත ‘Fundamental Principles Governing Competition Law in Sri Lanka’ කෘතිය එළිදැක්වීම ඉකුත් සැප්තැම්බර් 4වන දා කොළඹ Cinnamon Life හෝටලයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.
ආරාධිතයන් ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, මෙන්ම වාණිජ මහාධිකරණ විනිසුරුවරුන් සහභාගී වූ මෙම උළෙල සඳහා නීතිපතිවරයා, ජනාධිපති නීතීඥවරුන්, ප්රමුඛ පෙළේ නීති වෘත්තිකයන්, කීර්තිමත් විද්වතුන් රැසක් මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ ඉහළ නිලධාරීන් ද සහභාගී වීම විශේෂත්වයකි.
හිටපු සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ කොළඹ නීති පීඨයේ වාණිජ නීති අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාසිමා කමර්දීන් යන මහත්මීන් විසින් ආරාධිත දේශනයන් සිදු කළ අතර ආචාර්ය ගුණතිලක විසින් කෘතිය සම්භාවනීය සභාව වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අවසන් කතාව පවත්වන ලදී.
ඓතිහාසික ප්‍රථම අවස්ථාවක් සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකික වෙළෙඳපොළ තුළ සමානතා භූමියක් ඇති කිරීම අරමුණු කරගත් ශාස්ත්‍රීය ක්ෂේත්රයට, නීති භාවිතයට සහ ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික විවරණයක් ලබා දීමට මෙම කෘතිය සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart