
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවත්, එම ඉලක්කය කඩිනමින් සපුරාගැනීම සඳහා මේ වන විට උත්සාහ කරමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ 40 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැති උත්සවයකට සහභාගී වෙමින් විදේශ අමාත්‍යවරයා අද (27) මෙම ප්‍රකාශය කළේය.
මෙම උත්සවයේදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මෙසේ පැවසීය:
“විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් දැනටමත් පත්කර තිබෙනවා. අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කරමින් විදේශයන්හි ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටත් උත්සාහ කරමින් සිටිනවා”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart